සැර කොරෝනාව ගැන ජ‘පුර වෛද්‍ය පීඨයෙන් අලුත්ම හෙළිදරව්වක්

0
covid vaccine - සැර කොරෝනාව ගැන ජ‘පුර වෛද්‍ය පීඨයෙන් අලුත්ම හෙළිදරව්වක්
මෙරට කොරෝනාව මර්ධනය සඳහා භාවිතා කෙරෙන අස්ට්‍රාසෙනිකා ,ෆයිසර් හා සිනොපාර්ම් යන එන්නත් සම්බන්ධයෙන් වෙන වෙනම පරීක්ෂණ තුනක් ආරම්භ කළ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

වැඩිම ප්‍රතිශක්තිය ලැබෙන එන්නත සොයා ගැනීම සඳහා මේ පරීක්ෂණය ආරම්භ කළ බවද ඔහු සඳහන් කරයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත මෙම පරීක්ෂණ ආරම්භ කර ඇත.

දැනට කරන ලද පරීක්ෂණවලට අනුව මේ එන්නත් තුනම මෙරට මේ දිනවල ක්‍රියාත්මකවන ඇල්ෆා බිතාන්‍ය සැර කොරෝනා ප්‍රභේදයට එරෙහිව ක්‍රියාත්මක වන බව සොයාගෙන ඇතැයි ජීවන්දර මහතා පැවසුවේය.

බ්‍රිතාන්‍ය ඇල්ෆා ප්‍රභේදයේ පැතිරීමේ සීඝ්‍රතාවය සියයට 50කින් ඉහළ බවත් එහි දරුණු භාවයද සියයට පනහකට වඩා වැඩි බවත් ආචාර්යවරයා අනාවරණය කළේය.