ශකීබ් අල් හසන් ක්‍රිකට් පිටියේ යකා නටයි (වීඩියෝ)

0
Shakib al hasan - ශකීබ් අල් හසන් ක්‍රිකට් පිටියේ යකා නටයි (වීඩියෝ)
බංග්ලාදේශ කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන්ගේ නොමනා හැසිරීමක් සම්බන්ධව මේ වනවිට බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව තිබෙනවා.

මේ හේතුවෙන් ඔහු මේ වනවිට දැඩි ලෙස දෝෂාරෝපණයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ

බංග්ලාදේශයේ පැවැත්වෙන විස්සයි විස්ස දේශීය තරඟාවලියක් අතර තුර ඔහු මෙලෙස නොමනා හැසිරීමක් පෙන්නුම්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

විනිසුරුවරයා විසින් ලබාදෙන තීරණයකට එකඟ නොවූ ශකීබ් වික්කටුවේ තිබූ කඩුල්ලට පයින් ගසමින් එය පොළවේ ගසන අයුරු සමාජ මාධ්‍යවල මේ වනවිට සැරිසරන වීඩියෝවේ දැක්වෙනවා.

පන්දු යැවීමේ නිරතවන ශකීබ්,  මුෂ්ෆිකර් රහීම් කඩුල්ල මුවා කිරීමේ වරදකට දවා ගැනීම සඳහා ඉල්ලීමක් සිදුකරන අතර එම ඉල්ලීම විනිසුරුවරයා විසින් නිෂ්ප්‍රභ කරනු ලබනවා.

එම අවස්ථාවේ කෝපයට පත්වන ශකීබ් අල් හසන් විනිසුරු අන්තයේ ඇති කඩුල්ලට පයින් ගසමින් එය පොළවේ ගසා විනිසුරුවරයාට බැන ඇති බවටයි වාර්තා වන්නේ.

විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ මෙම තරඟය අතර තුර ශකීබ්ගෙන් මෙවැනි අශෝබන වූ හැසිරීම් අවස්ථා දෙකකදී දර්ශනය වූ බවයි.

මීට පෙරද ශ්‍රී ලංකාවේ පැවති නිදහස් කුසලාන තුන්කොන් තරඟාවලිය අතර තුර ශකීබ්ගෙන් මෙවැනි ප්‍රකෝපකාරී හැසිරීමක් වාර්තා වූ අතර එහිදී ඔහු ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ක්‍රීඩක විවේකාගාරයේ වීදුරුවකට පහර දී අලභාහනි සිදුකරනු ලැබුවා.

ජාත්‍යන්තර එක්දින පිටියේ තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර ප්‍රමුඛස්ථානයේ සහ විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර දෙවන ස්ථානයේ මේ වනවිට පසුවන ශකීබ්ගේ මෙම අශෝබන සහ ප්‍රකෝපකාරී හැසිරීම සම්බන්ධයෙන් කිසිඳු විනය තීරණයක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.