ඉන්ධන මිල ඉහළ දැමීමට අනුමැතිය හිමිවෙයි

0
Fuel price - තෙල් මිල වැඩි කරයි

ඉන්ධන මිල සංශෝධනය කළ යුතු බවට ජීවන වියදම පිළිබඳ අමාත්‍ය අනුකමිටුව විසින් තීරණය කර තිබෙන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

රට තුළ පවතින කොවිඩ් තත්ත්වය හේතුවෙන් එම සංශෝධනය සිදුකරන්නේ කවදා ද යන්න කලින් දැනුම් දිය නොහැකි බැවින් එය නොදුරේදී ම දැනුම්දෙනු ඇති බව අමාත්‍යවරයා සඳහන් කරයි.

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල දැවැන්ත ලෙස ඉහළ ගිහින් තිබියදීත් මාස 21 පුරාවට ඉන්ධන මිල සංශෝධනය නොකිරීමට රජය කටයුතු කළ නමුත් මේ වන විට ඉන් සිදුවන අලාභය දරා ගැනීමට නොහැකි තත්වයකට පත්ව ඇති බව අමාත්‍යවරයා පවසයි.

දිගින් දිගටම වැඩි මිලට ඉන්ධන අරගෙන අඩු මිලට විකිණීම නිසා 2020 අගවන විට ඛනිජ තෙල් සංස්ථාවේ එකතු වුණ අලාභ රුපියල් කෝටි 33100ක් වේ.

ඒ නිසාම ආයතනය දැනටමත් ණය ගෙවා ගත නොහැකි අවදානම් තත්ත්වයකට පත්ව ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.