දෛනික කොවිඩ් ආසාදිතයින් 1,800 ඉක්මවයි

0
දෛනික වැඩිම කොවිඩ් ආසාදිතයන් ගණන

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 615 දෙනෙකු අද (02) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,843ක් වේ.

ඒ අනුව, දිනක් තුළ මෙරටින් වාර්තා වු වැඩිම කොවිඩ්-19 ආසාදිතයින් ගණන මෙය වේ.

මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 97,242කි.