මසුන් මැරීමට ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් ලඳු කැලෑවකින් හමුවෙලා – ඝාතනයක් බවට සැකයක්

0
Murder - මසුන් මැරීමට ගිය පුද්ගලයෙකුගේ සිරුරක් ලඳු කැලෑවකින් හමුවෙලා – ඝාතනයක් බවට සැකයක්

මුලතිව් නන්දිකඩාල් ප්‍රදේශයේ මසුන් මැරීමට ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් පළාතේ ලඳු කැළෑවක තිබී පොලීසිය විසින් ඊයේ (10 ) සොයා ගෙන තිබෙනවා.

මුලතිව් ආනන්දපුරම් ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි වේලු ගණේෂ් නැමති මොහු යතුරු පැදියකින් පිටත්ව ගොස් ඇති අතර ඔහු මසුන් මරණ ස්ථානයට යාමට පෙර මියගොස් ඇති බවට මුලතිව් පුදුකුඩීඉරිප්පු පොලීසිය අනාවරණය කර ගෙන තිබෙනවා.

ඔහු ගමන් කළ යතුරු පැදියේම සිටියදී ඔහු මියගොස් සිටි අතර සිරුරේ ලේ පැල්ලම් කීපයක්ද දක්නට ලැබෙන බව කී පොලීසිය යතුරු පැදිය පෙරළී ගොස් ඇතත් මියගිය පුද්ගලයාගේ මළ සිරුර අසාමාන්‍ය ලෙස යතුරු පැදියේම තිබූ බවද සඳහන් කළා.

බොහෝ විට මෙය ඝාතනයක් විය හැකි බවට සැක පළකරන පොලිසිය සිද්ධිය පිළිබදව වැඩිදුර පරීක්ෂණ පරීක්ෂණ මෙහෙයවනවා.