කොවිඩ් නිසා යළි ලීසිං සහ ණය සහන – ජූලි 15 තෙක් අයදුම්පත් භාර ගැනේ

0
Leasing and loans - කොවිඩ් නිසා යළි ලීසිං සහ ණය සහන - ජූලි 15 තෙක් අයදුම්පත් භාර ගැනේ
කොවිඩ් බලපෑමට ලක් වූ පුද්ගලයින් හා ව්‍යාපාරවලට ලබාදෙන ලීසිං සහ ණය සහන දීර්ඝ කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ විශේෂිත ලීසිං සමාගම් වෙත දැනුම්දී තිබෙනවා.

බලපෑමට ලක්වූ පුද්ගලයින් හා ව්‍යාපාර සහන සලසන මෙන් මහ බැංකුවට කළ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව මෙම පියවර ගෙන තිබුණා.

මෙම සහන සඳහා සුදුසුකම් ලබන ණය ගනුදෙනුකරුවන් ඊට අදාළ අයදුම්පත් 2021 ජූලි 15 වැනිදා හෝ ඊට පෙර අදාළ සමාගම් වෙත යැවිය යුතුයි.

කොවිඩ් තෙවැනි රැල්ලෙන් පීඩාවට පත් පුද්ගලයන් සහ ව්‍යාපාර සඳහා ණය හෝ ලිසිං පහසුකමට අදාළ ප්‍රාග්ධනයට සහ පොලියට මෙන්ම එම අවශ්‍යතා දෙකම වෙනුවෙන්ම සහන ලබාදිය යුතු බව අදාළ චක්‍රලේඛයේ සඳහන් වනවා.

2021 අගෝස්තු 31 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි මෙම සහනය ලබාදෙන ලෙසද ඉන් උපදෙස් ලබාදී තිබුණා.

මූල්‍ය සමාගම් සහ විශේෂිත ලීසිං සමාගම් වෙත නිකුත් කරන ලද චක්‍රලේඛය පහතින් කියවිය හැකියි.