පළාත් කිහිපයකට අදත් වැසි

0
Rain - පළාත් කිහිපයකට අදත් වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවය.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය පැ.කි.මී 30 – 40 වන අතර පැ.කි.මී 50 දක්වා වැඩි වේ.