පුද්ගලයකු කොවිඩ් ආසාදිතව අසාධ්‍ය කාන්තාවක් රෝහලේ සිට ඔසවාගෙන ගෙනයයි (Video)

0
Covid 19 paitent - පුද්ගලයකු කොවිඩ් ආසාදිතව අසාධ්‍ය කාන්තාවක් රෝහලේ සිට ඔසවාගෙන ගෙනයයි (Video)

ඊයේ (09) රාත්‍රියේ හදිසියේ රෝගී වූ කාන්තාවක් ඇයගේ ඥාතීන් විසින් අම්පාර මධ්‍යම කඳවුර රෝහලට ගෙනැවිත් තිබේ.

රෝගී කාන්තාව රෝහලට ඇතුළත් කිරීමට පෙර එහි සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විසින් ඇයට රැපිඩ් අන්ටිජන් පරීක්ෂාවක් කර ඇති අතර එහිදී හෙළිවී ඇත්තේ එම කාන්තාව කොවිඩ් ආසාදිත බවය.

එම ස්ථානයට රෝගී කාන්තාවගේ ඥාතීන් විශාල පිරිසක් පැමිණ සිටින අයුරු ද දක්නට ලැබුණි.

මේ අතර, එම රෝගී කාන්තාව ට ප්‍රතිකාර ලබාදීම සඳහා රෝහලට ඇතුළත් කිරීමට කටයුතු සම්පාදනය වෙමින් පවතින අතරතුර එම ස්ථානයට පැමිණෙන පුද්ගලයෙක් එම කාන්තාව ඔසවා ගෙන ගොස් ත්‍රීරෝද රථයකට දමාගෙන රැගෙන ගොස් තිබුණි.

එම සිදුවීම ඒ අසල සිටි අයෙක් ජංගම දුරකථනයකින් වීඩියෝ කර තිබේ.

කල්මුනේ රොහලෙන් ද එම කාන්තාවට කොවිඩ් ආසාදිත බව තහවුරු වේ.

ඉන්පසුව එම පුද්ගලයා රෝගී කාන්තාව කල්මුනේ රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර එහිදී කළ රැපිඩ් අන්ටිජන් පරීක්ෂාවෙන් ද ඇය ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන ඇත.

කාන්තාව ඔසවාගෙන යන වීඩියෝව පහතින්…

(adaderana.lk වෙබ් අඩවිය ඇසුරිනි)