රනිල් මේ මස 22 දිවුරුම් දෙයි

0
Ranil wickramasinge - රනිල් මේ මස 22 දිවුරුම් දෙයි
එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ මස 22 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙහි දිවුරුම් දෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී මන්ත්‍රීධූරය සඳහා සුදුසුම පුද්ගලයා වන්නේ පරිණත දේශපාලනඥයකු වන හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව කී එජාප සභාපතිවරයා රට මුහුණ දී සිටින වත්මන් ප්‍රශ්න සඳහා පිළිතුරු තිබෙන එකම නායකයා වන්නේ ද රනිල් වික්‍රමසිංහ බව සඳහන් කරයි

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් මෙන්ම සියලු පාක්ෂිකයන් එම තීරණයට ඒකමතික අනුමැතිය  ඇතැයිද වජිර අබෙිවර්ධන මහතා සදහන් කරයි.

මේ මස 08 වැනි දින කල් තැබූ පර්ලිමේන්තුව යළි පළමුවරට රැස්වන්නේ ජුනි මස 22 වැනි දාය.