දොම්පේ පෞද්ගලික කර්මාන්තශාලාවක 92කට කොරෝනා – කර්මාන්තශාලාව වසයි

0
Covid 19 new cases - දොම්පේ පෞද්ගලික කර්මාන්තශාලාවක 92කට කොරෝනා - කර්මාන්තශාලාව වසයි

දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය මීතිරිගල රන්වල ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්තශාලාවක කාර්ය මණ්ඩල සාමාජිකයින් 92කට කොරෝනා ආසාදනය වීමෙන් එම ආයතනය තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය  පැවසීය.

දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය කුමාරි විජේසූරිය මහත්මිය සඳහන් කළේ එම ආයතනයේ කාර්ය මණ්ඩලය තුන්සියයක් දෙනා පී සි ආර් පරීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරුව මෙම තොරතුරු අනාවරණය වූ බවයි.

 තවද එම ආයතනයේ කටයුතු සෞඛ්‍ය අංශවල උපදෙස් ලබා දෙන තුරු තාවකාලිකව නතර කරන ලෙසට උපදෙස් ලබා දුන් බව ද වෛද්‍ය කුමාරි විජේසූරිය මහත්මිය සඳහන් කළාය