තේ කර්මාන්තය අර්බුදයක

0
Tea industry - තේ කර්මාන්තය අර්බුදයක
රසායනික පොහොර ආනයනය අත්හිටුවීමට රජය ගෙන ඇති තීරණය, මෙරට තේ කර්මාන්තය බිඳ වැටීමට හේතු වන බව කුඩා තේ වතු හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමය පෙන්වා දෙන්නේ කාබනික පොහොර පමණක් භාවිතා කරමින් තේ වතු පවත්වාගෙන යාම ගැටලු සහගත බවයි.

මේ අතර, මහනුවර – යටිනුවර ප්‍රදේශයේ තේ වගාකරුවන් මතුව ඇති පොහොර හිඟය හමුවේ දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ ප්‍රමාණවත් පරිදි පොහොර නොමැති වීමෙන් මේ වනවිට තේ පැළ විනාශ වෙමින් පවතින බවයි.  

මේ අතර, මෙරට තුල පවතින කොම්පෝස්ට් පොහොර සමග නයිට්‍රජන් ජෛව පොහොර අන්තර්ගත සංයෝග එක් කිරීමෙන් මෙරට තුල සාර්ථකව කාබනික පොහොර නිෂ්පාදනය කල හැකි බව කෘෂිකර්මය පිළිබඳ ජාතික මූලික අධ්‍යන ආයතනයේ ජේෂ්ඨ පර්යේෂක මහාචාර්ය ගාමිණි සෙනෙවිරත්න පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ නවීන තාක්ෂණය සහ නවීන කෘෂිකාර්මික ක්‍රමවේද භාවිතා කරමින් එලෙස විවිධ සංයෝග මුසු කර කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ හැකියාව පිලිබද පර්යේෂණ සිදු කර ඇති බවයි.