කුඩම්මාගේ සැලකිලි ඉවසනු බෑ. සාකච්චාවෙන් ප්‍රථිපලත් නෑ. සෞඛ්‍ය වෘත්තීය එකමුතුව (11) හෙට වැඩ වර්ජනයක.

0
හෙට වැඩ වර්ජනයක

වෛද්‍ය සේවාව සඳහා මසකට රු. 41,220 සිට 71,820 දක්වාවූ අමතර දීමනා වැඩිකිරීමට සාපේක්ෂව වෛද්‍ය නොවන අනෙකුත් සෞඛ්‍ය කාර්‍ය මණ්ඩල සඳහා සාධාරණ දීමනාවක් ලබා නොදීම , කොරෝනා මර්ධනයට ප්‍රධාන බාධාවක් වී ඇති කාර්‍ය මණ්ඩල පුරප්පාඩු පිරවීම සඳහා නිශ්චිත ක්‍රියාමාර්ග නොගැනීම , කොරෝනා වසංගතයෙන් පීඩා විඳින සෞඛ්‍ය කාර්‍ය මණ්ඩල වලට නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබා නොදීම යන ගැටලු සම්බන්ධයෙන් 2021/06/09 දින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අතර පැවති සාකච්චාව අසාර්ථක වූ බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව කියා සිටී.

රවී කුමුදේශ් , සමන් රත්නප්‍රිය , උපුල් රෝහන , WAD විමලරත්න , නාමල් ජයසිංහ , ධර්මකීර්ති ඈපා , දේවිකා කොඩිතුවක්කු , රෝයි ද මැල් , උදේනි දසනායක යන වෘත්තීය සමිති නායකයින්ගේ අත්සන් වලින් නිකුත් කර ඇති නිවේදනයට අනුව 2021/06/11 දින පෙරවරුවේ එම වෘත්තීය සමිති එකමුතුව සැලසුම් කර තිබූ වැඩ වර්ජනය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන බව ඔවුන් වැඩි දුරටත් දන්වා ඇත.

නමුත් ඊයේ අප ඉදිරිපත් කල ප්‍රවෘත්තියට අනුව විශ්‍රාම ගිය හෙද හෙදියන් යලි සේවයට කැඳවීමේ නියෝගයක් නිකුත් කරන්න යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් ලබා දී තිබුණි.

සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව නිකුත් කල සම්පූර්ණ නිවේදනය පහතින්