කොල්ලුපිටිය සුපිරි මහල් නිවාසයක තවත් සාදයක් වටලයි – කාන්තාවන් 3ක් ඇතුළු 9ක් කොටුවේ

0
Party - කොල්ලුපිටිය සුපිරි මහල් නිවාසයක තවත් සාදයක් වටලයි – කාන්තාවන් 3ක් ඇතුළු 9ක් කොටුවේ
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ඊයේ (09) කොල්ලුපිටිය සුපිරි නිවාස සංකීර්ණයක සාදයක් පැවැත්වූ 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.

මොවුන් මෙම නිවාස සංකීර්ණයේ ඉහළම මහලේ නාන තටාකය අසළ සාදය පවත්වමින් තිබියදී කොල්ලුපිටිය පොලිසිය මගින් මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ.

පිරිමි පුද්ගලයින් 6 දෙනෙක් සහ කාන්තාවන් 3 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඒ අතරින් විදේශික ජාතිකයින් තිදෙනෙක්ද සිටින බව අජිත් රෝහණ මහතා පවසනවා.

අද (10) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට මොවුන් ඉදිරිපත් කිරීමට නියමිතයි.

සාද පැවැත්වීම,මහජන ඒකරාශිවීම් සපුරා තහනම් බවයි වැඩිදුරටත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here