වැඩිම කොරෝනා මරණ කළුතරින්

0
covid 19 deaths in kaluthara - වැඩිම කොරෝනා මරණ කළුතරින්
කොරෝනා මරණ වැඩිපුරම වාර්තා වන්නේ කළුතර දිස්ත්‍රිකයෙන් යැයි ද එම මරණවලින් සියයට 28ක් නිවෙස්වලදි මියගොස් තිබීම විශේෂත්වයකැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

කොළඹ දිස්ත්‍රික්කයේ සිදුවන කොරෝනා මරණවලින් නිවෙසේදී මිය යන  පිරිස සියයට 18ක් ලෙස වාර්තාවන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා කියයි.

සාමාන්‍යයෙන් මෙරට දිනකට කොරෝනා මරණ 38ක් සිදුවන බවට ගණන් බලා ඇතැයි ද වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසයි.

කොරෝනා රෝගීන් නිවෙස්තුළ මියයාම බරපතල ගැටළුවක් බව ද ඔහු කියයි.