සරසවි ප්‍රවේශය අපේක්ෂිත සිසුන්ට දැනුම්දීමක්

0
University addmissions - සරසවි ප්‍රවේශය අපේක්ෂිත සිසුන්ට දැනුම්දීමක්

2020 – 2021 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනිමට අදාළ අයදුම්පත් භාරගැනිමේ කාලසීමාව දීර්ඝ කර තිබේ.

ඒ අනුව ලබන 18 වන දින දක්වා නව අධ්‍යයන වර්ෂය සඳහා අයදුම්පත් භාරගැනිම සිදුකරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේය.

අයදුම්පත් භාරගැනිම පසුගිය මැයි මස 21 වන දින ආරම්භ වූ අතර එම කටයුතු ලබන 11 වන දිනෙන් අවසන් විමට නියමිතව තිබුණි.