තවත් උපන්දින සාදයක් වටලයි – කාන්තාවන් පස් දෙනෙකුත් එතැන

0
Birthday barty members arrested - තවත් උපන්දින සාදයක් වටලයි – කාන්තාවන් පස් දෙනෙකුත් එතැන
කැස්බෑව හැඩිගල්ල ප්‍රදේශයේ හොටලයක උපන්දින සාදයක් පැවැත්වූ බව කියන සුරුපී කාන්තාවන් පස් දෙනකු ඇතුළු පුද්ගලයන් දස දෙනකු අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර හෝටල් හිමිකරුද සිටී. උපන් දින සාදය පැවැත් වූ පිරිස සන්තකයේ තිබී දුම්වැටි,ගංජා සහ ශබ්ද වාහිනි යනත්‍රයක් ද පොලිස් බාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පිරිස අතර හෝටල් හිමිකරුද අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පිරිස දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බව ද පොලිසිය පවසයි.

සැකකරුවන් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතය.