සංචරණ සීමා නීති තවත් දැඩි කරන්න – GMOA

0
Travel restriction - සංචරණ සීමා නීති තවත් දැඩි කරන්න GMOA

කෙරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව මේ වන විට ඉකුත් කාලයට සාපේක්ෂව සියයට 12ක් සහ කෝවිඩ් මරණ සංඛ්‍යාව සියයට 28කින් වර්ධනය වී ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ජනාධිපතිවරයාට ලිපියක් යවමින් පෙන්වා දී තිබේ.

එම නිසා දැනට ක්‍රියාත්මක සංචරණ සීමා නීති තවදුරටත් දැඩි ලෙස ක්‍රියාත්මක කළ යුතු බව ද දිනෙන් දින රෝහල් පද්ධතියට දරාගත නොහැකි වන අයුරින් රෝගීන් සංඛ්‍යාව ඉහළ යමින් තිබෙන බව  ද මෙය තවදුරටත් වාර්ධනය වුවහොත්  එම තත්ත්වය රෝහල් පද්ධතියට දරාගත නොහැකිවනු ඇතැයි ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ජනාධිපතිවරයාට යවා ඇති එම ලිපියේ සඳහන් වේ.

තවද එන්නත් කරණ වැඩසටහන විනිවිද භාවයකින යුතුව සිදු කළ යුතු අරත ඒ සඳහා විද්‍යාණුකූල හා සාධාරණ ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු වන බව ද එහි සඳහන් වේ.