අන්තර්ජාලය ඔස්සේ අලෙවි කළ දැරියක් ගැන තොරතුරු හෙළිවේ

0
15 years old girl - අන්තර්ජාලය ඔස්සේ අලෙවි කළ දැරියක් ගැන තොරතුරු හෙළිවේ
අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළ කරමින් 15 හැවිරිදි දැරියක  මුදලට අලෙවි කළ බව කියන  පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.

සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේ මහල් නිවාසයක නිවසක් කුලියට ගෙන  දැරිය එහි රඳවා මෙම ජාවාරම සිදු කර ඇති බවද පොලිසිය පවසයි.

දැරියගේ ඡායාරූප සහිතව අන්තර්ජාලය දැන් දැන්වීම් පළ කර ඒ අනුව ඇනවුම් කරන පුද්ගලයන්ට දැරිය ලබාදී ඇති බවද පොලිසිය සඳහන් කරයි.

මෙම දැරිය දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත්, ඇගේ මවගෙන් සැකකරු මෙම දැරිය ලබාගෙන ඇති බවද පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ මව ගෙන් ද පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇත .