කොවිඩ් වසංගතය හේතුවෙන් ආර්ථිකය කඩාවැටී ව්‍යාපාරිකයෝ දෙදෙනෙක් එල්ලී මියයති

0
Death bodies - කොවිඩ් වසංගතය හේතුවෙන් ආර්ථිකය කඩාවැටී ව්‍යාපාරිකයෝ දෙදෙනෙක් එල්ලී මියයති

කොවිඩ් වසංගතය හේතුවෙන් ආර්ථිකය කඩා වැටීම නිසා සිත් තැවුලට පත් යාපනය පේදුරුතුඩුව ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනකු පෙරේදා (07) ගෙල වැලලාගෙන දිවි හානි කරගෙන තිබේ.
 
වඩමාරච්චි නැගෙනහිර පළාතේ උඩුතුරෙයි ගම්මානයේ පදිංවිව සිටි ශිවලිංගම් සිවදරන් (34) නමැති අය මුහුදු ආහාර අලෙවි කිරීම සඳහා ගෙවීමේ ක‍්‍රමයකට ලබා ගන්නා ලද ශීතකරණ පහසුකම් සහිත ලොරියට අදාළ මාසික වාරික ගෙවා ගැනීමට නොහැකිව ගෙල වැලලාගෙන මියගොස් තිබේ.
 
යාපනය පේදුරුතුඩුව කරවෙඞ්ඩි ප‍්‍රදේශයේ පදිංචිව සිටි ගෝපසිං මයුරදන් (36) නමැත්තා යතුරුපැදියකින් එදිනෙදා ව්‍යාපාරික කටයුතු කරගෙන ගොස් ඇති අතර ඔහුගේ ව්‍යාපාරික කටයුතු බිඳ වැටීම නිසා සිත් තැවුලෙන් ඔහුද ගෙල වැලලාගෙන මියගොස් තිබේ.
 
මියගිය දෙදෙනාගේ මෘතශරීර පී. සී. ආර්. පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසුව දෙදෙනාම කොරෝනා ආසාදිතයන් නොවන බවට වාර්තා වීමෙන් පසුව පේදුරුතුඩුව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කනකසභාපති වාසුදේව මහතා විසින් මළසිරුරු ඥාතීන් වෙත භාර දී තිබේ.