ප්‍රංශ ජනාධිපතිට කනේ පහරක් (Video)

0
Emmanuel macron - ප්‍රංශ ජනාධිපතිට කනේ පහරක් (Video)
ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් අඟහරුවාදා දකුණු ප්‍රංශයේ පාගමනක යෙදී සිටියදී අ ඒ අසල සිටි පුද්ගලයෙකුගේ පහර කෑමකට ලක්ව තිබෙනවා.

ප්‍රංශ ජනාධිපතිවරයා සිය ආරක්ෂක පිරිවර ඉක්මනින් මැදිහත් වී ජනාධිපතිවරයාට පහර දුන් පුද්ගලයා බිමට ඇද දමා වහාම ජනාධිපතිවරයාව ආරක්ෂා කර ගැනීමට කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි ප්‍රංශ මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

ප්‍රංශ ජනාධිපතිවරයා ගිනිකොනදිග ප්‍රංශයේ ඩ්‍රෝම් කලාපයේ සංචාරයක යෙදී සිටියදී මෙම සිදුවීම සිදුවී ඇති අතර, COVID-19 වසංගතයෙන් පසු ජීවිතය යථා තත්ත්වයට පත්වන ආකාරය ගැන කතා කිරීම සඳහා ආපනශාලා හිමියන් සහ සිසුන් හමුවිම සඳහා ඔහු එහි ගොස් තිබුණා.

සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝ පටවල, කමිසයකින් සැරසී සිටින ජනාධිපතිවරයා අසල පිහිටි පදික බාධකයක් අසල සිටි සුභ පතන්නන් පිරිසක් අසලට ඇවිද ගොස් ඒ අසල සිටි පුද්ගලයෙකු සමග කතා කිරීමට උත්සාහ දැරීමේදී මෙම පහර කෑමේ සිද්ධියට මුහුණ දී තිබෙනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න…