කුසල්ගේ නායකත්වයෙන් යුත් එංගලන්තයට එරෙහි එක්දින, T20 සංචිත නිවේදනය කෙරේ

0
Sri lanka squad - කුසල්ගේ නායකත්වයෙන් යුත් එංගලන්තයට එරෙහි එක්දින, T20 සංචිත නිවේදනය කෙරේ

එළඹෙන එංගලන්ත තරග සංචාරය වෙනුවෙන් ක්‍රීඩකයින් 24 දෙනෙකුගෙන් යුත් සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(8) නිල වශයෙන් නිවේදනය කළා.

නායකත්වය හිමිව ඇත්තේ කුසල් ජනිත් පෙරේරාටයි.

උප නායකයා ලෙස කුසල් මෙන්ඩිස් කටයුතු කරනු ඇති.

අශේන් බණ්ඩාර ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් මෙම සංචිතයට නම් කර නැහැ.

එංගලන්ත තරග සංචාරයේ දී ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර 20යි 20 තරග 3ක් සහ එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

පළමු 20යි 20 තරගය ජූනි 23 වනදා කාර්ඩිෆ් හී දී පැවැත්වෙනු ඇති.

ජූනි 24 වනදා දෙවන 20යි 20 තරගය ද එම ක්‍රීඩාංගනයේ දී ම පැවැත්වෙන අතර, තෙවැනි 20යි 20 තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ජූනි 26 වනදා සවුත්හැම්ටන් හී දී යි.

දෙරට අතර පළමු එක්දින තරගය ජූනි 29 වනදා ඩර්හැම්හී දී ද, දෙවැනි එක්දින තරගය ජූලි පළමු වනදා ලන්ඩන්හි ඕවල් ක්‍රීඩාංගනයේ දී ද, තෙවැනි එක්දින තරගය ජූලි 4 වනදා බ්‍රිස්ටල්හී දී ද පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

20යි 20 තරග ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පුහුණු තරග දෙකකට එක්වීමට නියමිතව ඇති අතර, එම තරග ශ්‍රී ලංකා සංචිතයේම ක්‍රීඩකයින් අතර පැවැත්වීමට නියමිතයි.

එංගලන්ත සංචාරය ආරම්භ කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හෙට(9) අලුයම දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචිතය –

Kusal Janith Perera (c), Kusal Mendis, Danushka Gunathilaka, Avishka Fernando, Pathum Nissanka, Niroshan Dickwella, Dhananjaya De Silva, Oshada Fernando, Charith Asalanka, Dasun Shanaka, Wanindu Hasaranga, Ramesh Mendis, Chamika Karunaratne , Dhananjaya Lakshan, Ishan Jayaratne, Dushmantha Chameera, Isuru Udana, Asitha Fernando, Nuwan Pradeep, Binura Fernando, Shiran Fernando, Lakshan Sandakan, Akila Dananjaya, Praveen Jayawickrama