ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ලොක්ඩවුන් කිරීමට හේතුව ලාංකිකයෙක්

0
Melbourne lockdown - ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ලොක්ඩවුන් කිරීමට හේතුව ලාංකිකයෙක්
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර කොවිඩ් පොකුරට සම්බන්ධ පළමු ආසාදිතයා හඳුනා ගැනීම එරට සෞඛ්‍ය අංශ සමත් වී සිටියි.

මැයි 8 වැනි දා ශ්‍රී ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට පැමිණි සංචාරකයෙකුගෙන් මෙල්බර්න් නුවර කොවිඩ් පොකුර නිර්මාණය වී ඇති බවට ඔවුන් තහවුරු කරගෙන තිබේ.

කොවිඩ් 19 ආරම්භයේ පටන් සාර්ථකව එය පාලනය කළ ඕස්ට්‍රේලියාවට මෙල්බර්න් නුවර කොවිඩ් පොකුර දැඩි බලපෑමක් එල්ල කළේය.

ඒ හේතුවෙන් සති දෙකකට ආසන්න කාලයක් මෙල්බර්න් නුවර අඟුළු දැමූ අතර මිලියන 5කට අධික ජනතාවකට නිවෙස් වලටම වී සිටීමට සිදු විය.

පළමු ආසාදිත සොයාගැනීමත් සමඟම මෙල්බර්න් නුවර අඟුළු දැමීම තවත් දින කිහිපයකින් ලිහිල් කිරීමට නියමිත අතර අඟහරුවාදා දිනයේ දී වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් දෙදෙනාද පළමු ආසාදිතයාට සම්බන්ධ බවට තහවුරු කරගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට ගොස් ඇති සංචාරකයා හතළිස් වැනි වියේ පසුවන බවට තහවුරු කරගෙන තිබේ. ඔහුට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් මැයි 14 දා රෝහල් ගත කර ඇති අතර සුවය ලැබීමෙන් අනතුරුව මැයි 23වැනිදා රෝහලින් පිටව ගොස් තිබේ.