වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක්

0
Rain - වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක්

නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් අද (08) සහ හෙට (09) යන දිනවල බලාපොරොත්තු විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා..

ඔවුන් සඳහන් කරන්නේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති විය හැකි බවයි.

ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එහි සඳහන්.

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකි අතර
වයඹ පළාත සහ කොළඹ, ගම්පහ, කෑගල්ල, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකියි.