ගම්පහ ගංවතුර ඇතිවීමට හේතුව ඇමති ලන්සා කියයි

0
ගංවතුර ඇතිවීමට

ගම්පහ ප්‍රදේශයේ ගංවතුර ඇතිවීමට එක්තරා කාන්තාවක් (දේවානි ජයතිලක) වගකිව යුතු බව රාජ්‍ය ඇමති නිමල් ලංසා පවසයි.

ගම්පහ ප්‍රදේශයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ එක නෝනා කෙනෙක් පැමිණ බාධා නොකරන්න ඒ ඇළ මාර්ග සියල්ලක් හාරලා, ඇළ මාර්ග සංවර්ධනය කර අධිවේගී මාර්ගය ක්‍රමවත්ව නිර්මාණය කිරීමට තිබූ බවත් එම බාධා කරපු අයට ගංවතුර ප්‍රශ්නයේ චෝදනා යොමුවිය යුතු බවත් ඇමතිවරයා පවසයි.

අද පැවති කැළණිය අතුරුගිරිය අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබේ.

මෙහිදී අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ එන්නත්කරණය පමා වීම සිදුවූවේද විපක්ෂයේ බාධා කිරීම් නිසා බවයි.