ප්‍රතිකාර සඳහා රැගෙන ගියහොත් සියදිවි හානි කර ගන්නා බව පවසා කොරෝනා රෝගීන් 10 ක් හැංගිලා

0
Coronavirus - ප්‍රතිකාර සඳහා රැගෙන ගියහොත් සියදිවි හානි කර ගන්නා බව පවසා කොරෝනා රෝගීන් 10 ක් හැංගිලා

යාපනයේ චුන්නාකම් මයිලන්කාඩු ප්‍රදේශියේ කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු කොරෝනා මර්ධන රෝහලක් වෙත යාම ප්‍රතික්ෂේප කොට නිවෙස්වලින් පලා යාම නිසා යාපනයේ සෞඛ්‍ය බලධාරීන් ඊයේ (6) දින දැඩි අපහසු තත්ත්වයකට පත්වතිබෙන බව වාර්තා වනවා.

චුන්නාකම් ප්‍රදේශයේ පුද්ගලයින් පිරිසක් පී.සී.ආර්.පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසුව ඔවුන්ගෙන් 10 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට හදුනාගැනීමෙන් පසුව ඔවුනව ප්‍රතිකාර සදහා රැගෙන යාමට සෞඛ්‍ය නිලධාරීන් පැමිණි අවස්ථාවේදී ඔවුන් පවසා ඇත්තේ ගිලන් රථවල පටවා ගෙන ඔවුන්ව රැගෙන ගිය හොත් සියදිවි හානි කරගන්නා බවයි.

ඒ අතර වාරයේ ඔවුන් නිවෙස්වලින් එළියට පැමිණ සැගවීම නිසා සෞඛ්‍ය නිලධාරීන්ට හිස් අතින් ආපසු යමට සිදුව ඇති අතර ඔවුන් ඒ පිළිබදව යාපනයේ කොරෝනා මර්දන කමිටුවට වාර්තා කිරීමෙන් පසුව ඔවුන්ව අල්ලා ප්‍රතිකාර සදහා යොමු කිරීමට යුද හමුදාවට හා පොලීසියට බාර කොට තිබෙනවා