දෙවනගල ඛේදවාචකයෙන් කාත් කවුරුවත් නැතිව තනි වූ “රයිනි” බේරගල හමුදා කඳවුරට

0
Rayini - දෙවනගල ඛේදවාචකයෙන් කාත් කවුරුවත් නැතිව තනි වූ
දෙවනගල ප්‍රදේශයේ නිවසක් නායයාමෙන් පසු තම ආදරණීයයන් අහිමිවූ වේදනාව දරා ගැනිමට නොහැකිව සුනඛයෙකු ඉදිරිපස දෑත්වලින් පස් පසුපසට අදිමින් නිවැසියන් සෙවීමට කටයුතු කරන ආකාරය බොහෝ දෙනෙකුට සංවේදි දසුනක් වුණා.

නායයාමෙන් අතුරුදන්වූවන් නිවැසියන් සෙවීමේදී ඔවුන් සිටින දිශාව හඳුනාගැනීමට මෙම සුනඛයාගේ උදව්ව අස්වැසිල්ලක් වු බවයි මෙහෙයුම් වලට එක්වූ යුද හමුදා නිලධාරීන් සඳහන් කළේ.

සුනඛයාගේ ඇතැම් ඉඟි අනුව පස් ඉවත්කර සොයාබැලීමේදී නිවැසියන්ගේ සිරුරු හමුවී තිබුණා.

මෙම සත්වයා එම ස්ථානයෙන් ඉවත් කිරීමට බොහෝ දෙනෙකු උත්සාහ කළත් නායගිය පස් අතර තම ආදරණීයයන් ජීවතුන් අතර සිටිනවා දැයි දැනගැනීමට මේ සතාට තිබුණේ දැඩි නොඉවසිල්ලක්.

මෙම ගුණාංගයන් දුටු මෙහෙයුමට එක්ව සිටි කෑගල්ල බේරගල හමුදා කඳවුරේ සෙබළුන් විසින් රයිනි නම් සුනඛයා එදිනම කඳවුරට රැගෙන ගියේ ඔහුගේ ළඟින් සිටි ආදරණියන් අහිමි වීම හේතුවෙන්.

දැන් රයිනිගේ නිවහන යුධ හමුදා නිවහනයි.

එනමුත් මෙම සත්වයාට වසරකට වැඩි කාලයක් තමා ළඟින්ම සිටි ආදරණීයයන් කිසි දිනක අමතක නොවෙනු ඇති.

කෙසේවෙතත් එම වේදනාව අමතක වන්නට රයිනිට අලුත් නිවහනේ හමුදා සෙබළුන්ගෙන් සෑම දිනකම ආදරය කරුණාව ලැබේවි.

අප වාර්තාකරු සඳහන් කළේ අරණායක සාමසර කන්ද නාය ගිය අවස්ථාවේද මෙවැනි අවස්ථා කිහිපයක් දැකගැනීමට හැකිවූ බවයි. එම සුනඛයන් ද ඒ මහා විපතින් කම්පාවට ලක් ව ඒ මේ අත දුවමින් කෑ ගසමින් තම ආදරණියන් වෙනුවෙන් ඒ දිනවල හැඟුම්බර වී තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here