ගමත්, අලියත් රකින්න වෙහෙසුණු චන්නක, වන අලියාටම බිලි වී අවසන් ගමන් යයි (Video)

0
Channaka - ගමත්, අලියත් රකින්න වෙහෙසුණු චන්නක, වන අලියාටම බිලි වී අවසන් ගමන් යයි (Video)

අලි මිනිස් ගැටුම හේතුවෙන් තවත් වටින මිනිස් ජීවිතයක් ඊයේ අහිමි වුණා.

ඒ හම්බන්තොට කැටැන්වැව ගම්මානයේදී.

මෙලෙස වල් අලියෙකුගේ ප්‍රහාරයට ලක්ව මිය ගියේ 36 හැවිරිදි චන්නක කාරියවසම් නැමැති දෙදරු පියෙකි.

ඊයේ පාන්දර 2ට පමණ ගම් වැදුණු වල් අලියෙක් ඔහුගේ නිවස අසලට පැමිණ ඇති අතර දරු දෙදෙනා ආරක්ෂා කරගැනීම සඳහා අලියා එළවීම සඳහා නිවසේ පිටුපස දොරෙන් එලියට ගිය ඔහු මෙලෙස වල් අලි ප්‍රහාරයට ලක්ව මියගොස් තිබෙනවා.

චන්නක වන අලි, මිනිස් ගැටලුවට විසදුම් ඉල්ලා කලක් තිස්සෙ ප්‍රභල හඩක් නැගු පුද්ගලයෙක්.