චමුදිතට මරණ තර්ජන: ලියුමක සියල්ල ලියා තබයි! (VIDEO)

0
Chamuditha samarawickrama- මරණ තර්ජන එල්ලවන බවට චමුදිතගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

තමන් මේ මොහොතේ සිටින්නේ බරපතළ ජීවිත තර්ජනයක හා අවදානමක බවත්, තමා මරා දැමීමේ ඉඩක් පවතින බවත් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සඳහන් කරයි.

මේ සියලු දෙනාගේ නම් ගම් සහිතව තමන් ලිපියක් ලිවීමට සූදානමින් සිටින බවද හෙතෙම සදහන් කළේය.

බොහෝ දුරට ඉතා මෑතක දී තමා ඝාතනය කිරීමට වුවද වැඩි ඉඩක් ඇතැයි තමන් ඉතා වගකීමෙන් පවසන බවද ඒ මහතා පැවසීය.

මේ සඳහා සාක්ෂි ගණනාවක් තමන් සතුව ඇති බවත් ඇතැම් සාක්ෂි හෙළි කිරීමටද නොහැකි බව ද ඔහු සඳහන් කරයි.

‘මගේ කොල්ලො අහනවා එයාගේ අතයි කකුලයි ගලවගෙන එන්න එක බයිසිකලයයි යන්නෙ කියලා’ යයි එක් පුද්ගලයෙක් ප්‍රකාශ කර ඇති බවත් තමන්ට දැනගන්නට ඇති බවද ඔහු කියා සිටී.

තවත් කුප‍්‍රකට ජාවාරම් කරුවන් දෙදෙනෙකු හා කිහිප දෙනකු තමනට විරුද්ධව මඩ ප්‍රහාරයක නිරත වෙමින් ඇතැයි ද ඔහු සඳහන් කළේය.

ඔහු මේ අදහස් පල කලේ අන්තර්ජාල නාළිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදීය.