හමුදාපතිවරයා දැනුම් දෙන රටේ ජනතාව තේරුම් ගත යුතු කතාව

0
Genaral Shavendra silva - හමුදාපතිවරයා දැනුම් දෙන රටේ ජනතාව තේරුම් ගත යුතු කතාව

ඊයේ (05) දිනයේ කොවිඩ් ආසාදිතයින් 3,094ක් මෙරටින් හඳුනා ගත්තා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන් ගණන 202,348 දක්වා ඉහළ ගොස් ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය ලක්ෂ දෙක ඉක්මවා යාම සහ දිනකට තුන්දහස ඉක්මවන කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණයක් හමුවීම සැළකිය යුතු කරුණක් බවයි හමුදාපතිවරයා ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනට සජීවීව දුරකතනයෙන් එක්වෙමින් සඳහන් කළේ.

ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට එය විශාල සංඛ්‍යාවක් බව රටේ ජනතාව තේරුම් ගත යුතු බවයි හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේ.