නාය යෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශ මෙන්න

0
Landslide - නාය යෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශ මෙන්න

අධික වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක 09 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නාය යෑම් අවදානම් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව අවදානම් ප්‍රදේශවලින් ඉවත්වන ලෙස දන්වන රතු නිවේදන නිකුත් කර ඇත්තේ,

? කළුතර දිස්ත්‍රික්කය

ඉංගිරිය, පාලින්දනුවර, බුලත්සිංහල, අගලවත්ත, මතුගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස

? රත්නපුර දිස්ත්‍රික්කය

කලවාන, ඇහැළියගොඩ

වර්ෂාව පවතින්නේ නම් ඉවත් වීමට සූදානම් වන ලෙස දන්වන දෙවන මට්ටමේ අවදානම් නිවේදන නිකුත් කර ඇත්තේ,

? කොළඹ දිස්ත්‍රික්කය

සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

? ගාල්ල දිස්ත්‍රික්කය

නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

? කළුතර දිස්ත්‍රික්කය

වලල්ලාවිට හා හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

? කෑගල්ල දිස්ත්‍රික්කය

ගලිගමුව, මාවනැල්ල, කෑගල්ල, යටියන්තොට, රුවන්වැල්ල, දැරණියගල, බුලත්කොහුපිටිය, දෙහිඕවිට, රඹුක්කන, අරණායක හා වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

? නුවරඑළිය දිස්ත්‍රික්කය

අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

? රත්නපුර දිස්ත්‍රික්කය

අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

මීට අමතරව කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව වෙසෙන ජනතාවට අවධානයෙන් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

(newsfirst.lk වෙබ් අඩවිය ඇසුරිනි)