තවත් කොවිඩ් ආසාදිත මරණ 40ක් – සමස්ත මරණ 1696 දක්වා ඉහළට

0
covid 19 deaths in yesterday - තවත් කොවිඩ් ආසාදිත මරණ 40ක් - සමස්ත මරණ 1696 දක්වා ඉහළට

ඊයේ දිනයේ කොවිඩ් ආසාදිත මරණ 40ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 1696ක් ලෙසටයි.

එක් මරණයක් ඊයේ දිනයේ සිදුවී ඇති අතර අනෙක් මරණ 39 සිදුවී ඇත්තේ මැයි මස 21 වනදා සිට ඊයේ 04 වනදා දක්වායි.

මෙම මරණ අතරට කාන්තාවන් 17 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 23 දෙනෙකු ද වනවා.

ඉන් 09 දෙනෙකු නිවසේදී මියගොස් ඇති අතර රෝහල් ගතකරන අවස්ථාව වන විට මියගිය සංඛ්‍යාව 06ක්.

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර පුද්ගලයන් 25 දෙනෙකු මියගොස් තිබෙනවා.

මේ අතර, ඊයේ දිනයේද නව කොවිඩ් වෛරස ආසාදිතයින් 3000 සීමාවා ඉක්මවා ගියා.

ඊයේ මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් ගණන

මෙරට කොවිඩ් 19 පිළිබඳ නවතම තත්ත්වය මෙතනින් බලන්න