මවක් සිය දියණිය සමග ළිඳට පැන දිවි හානිකර ගනී

0
sucide - මවක් සිය දියණිය සමග ළිඳට පැන දිවි හානිකර ගනී

මිල්ලනිය – ඉඹුලහේන ප්‍රදේශයේ මවක් සිය 5 හැවිරිදි දියණිය සමඟ නිවසේ පිහිටි ලිඳට පැන දිවි හානිකරගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අද අලුයම මොවුන් දෙදෙනාගේ සිරුරු සොයා ගත් බවයි.

35 හැවිරිදි මව වසර 19 ක කාලයක් තිස්සේ යම් අසනීප තත්ත්වයක් සඳහා ඖෂධ ලබාගෙන ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

කෙසේ වෙතත්, ඇය මෙලෙස මියයාමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. ඇයගේ සැමියා මීට පෙර මියගොස් ඇති අතර අතර ඇයට තවත් පුතෙකු ද සිටින බවයි පොලීසිය සඳහන් කළේ.

මේ අතර, මොරටුව – සොයිසාපුර ප්‍රදේශයේ කාන්තාවක් ද ගිනි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා වනවා. 24 හැවිරිදි මෙම කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද කළුබෝවිල ශික්ෂණ රෝහලේදී සිදුකිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මේ අතර, හබරණ – කාශ්‍යපගම ප්‍රදේශයේ පුද්ගලයෙකු අද හබරන පොලීසියට භාරවී තිබුණේ ප්‍රදේශයේ කාන්තාවක් ඝාතනය කළ බවට පවසමින්. ඇයගේ සිරුර අසල පිහිටි ළිඳක තිබී පසුව හමුව තිබුණා.

(hirunews.lk වෙබ් අඩවිය ඇසුරිනි)