පස් කන්දකට යටවී අතුරුදන් වූ එකම පවුලේ සිව්දෙනාගෙන් දියණියගේ සිරුර සොයාගැනේ

0
Landslide - පස් කන්දකට යටවී අතුරුදන් වූ එකම පවුලේ සිව්දෙනාගෙන් දියණියගේ සිරුර සොයාගැනේ

මාවනැල්ල – දෙවනගල ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීමෙන් අතුරුදන් වූ එකම පවුලේ සිව් දෙනාගෙන් දියණියගේ සිරුර සොයාගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

පස් කන්දට යටවී නිවසේ සිටි මව, පියා මෙන්ම, ඔවුන්ගේ 23 හැවිරිදි දියණිය සහ 29 හැවිරිදි පුත්‍රයා අතුරුදන් වූ අතර අනෙක් තිදෙනා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

මේ අතර ඊයේ දිනයේ වැඩිම වර්ෂාපතනයක් ලැබී තිබුණේ කෑගල්ල අල්ගම ප්‍රදේශයට වන අතර ඒ මිලිමීටර් 197.5කි.