මෙරට දිනක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව වාර්තා වේ

0
coronavirus deaths in sri lanka - කොවිඩ් ආසාදිත මරණ

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය ආරම්භයෙන් පසු දෛනිකව වාර්තාවූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ඊයේ දිනයේ සටහන් වුනා.

ඒ මරණ 48ක්. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව  දැක්වෙන්නේ 1656ක් ලෙසටයි.

ඊයේ දිනයේ දිනයේ කිසිදු කොවිඩ් මරණයක් වාර්තාවී නොමැති අතර ඊයේ තහවුරු කළ මරණ සිදුවී ඇත්තේ පසුගිය මැයි මස 11 වනදා සිට පෙරේදා (03) දිනය දක්වායි.

මෙම පිරිස අතර කාන්තාවන් 23 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 25 දෙනෙකු වනවා.

ඉන් නිවසේදී 18 දෙනෙකු  මියගොස් ඇති අතර එක් අයෙක් රෝහල්ගත කරන අවස්ථාව වන විට මියගොස් තිබෙනවා. රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී 29 දෙනෙකු මියගොස් තිබෙනවා.

මේ අතර ඊයේ දිනයේ පිට පිට දෙවැනි දිනටත් කොවිඩ් ආසාදිතයින් 3000 සීමාව ඉක්මවා ගියා.

ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් ගණන මෙතනින්

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්ව වාර්තාව මෙතනින් බලන්න