ඉන්දියාවේ සිට හොර රහසින් පුත්තලමට පැමිණි පුද්ගලයින් නිරෝධායනයට : පැමිණි තවත් කතක් අතුරුදහන්

0

ඉන්දියාවේ සිට ධීවර යාත්‍රාවලින් මෙරටට පැමිණ පුත්තලම වෙප්පමඩුව ප්‍රදේශයේ නිවසක සැඟව සිටි ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාවක් ඇගේ දරු දෙදෙනාද සමඟින් සෞඛ්‍ය අංශ විසින් අද සොයාගෙන නිරෝධායනය කරනු ලැබුවා.

කෙසේවෙතත් අදාළ කාන්තාව සමඟ ඉන්දියාවේ සිට පැමිණි බව පැවසෙන තවත් කාන්තාවක් සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු තොරතුරක් වාර්තා වී නැහැ.

ඉන්දියාවේ චෙන්නායි කුප්පම් හි සිට අදාළ කාන්තාව ධීවර යාත්‍රා මගින් ඊයේ (30) අලුයම මෙරටට පැමිණ පුත්තලම වෙප්පමඩුව ප්‍රදේශයේ නිවසක සැඟව සිට තිබේ.ඒ වයස අවුරුදු 14 ක් සහ 4 ක් වූ සිය දරු දෙදෙනාද සමඟිනි.

මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවීමත් සමඟ පොලීසිය සහ සෞඛ්‍ය අංශ නිලධාරීන් පුත්තලම වෙප්පමඩුව ප්‍රදේශයේ ඔවුන් සැඟව සිටි නිවසට පැමිණ ඔවුන්ව නිරෝධායනයට යොමු කිරීමට පියවර ගනු ලැබුවා.

මෙහිදී අදහස් දැක්වු ඉන්දියාවේ සිට මෙරට ට පැමිණි කාන්තාව,

“අපිව බෝට්ටුවෙන් එක්කගෙන ආපු ඉන්දීය ජාතිකයින් දෙන්නා අපිට කිව්වා මේ පැත්තෙන් ගියොත් යන්න පුළුවන් කියලා. “

සෞඛ්‍ය අංශ පැවසුවේ අදාළ කාන්තාව සහ දරු දෙදෙනාට රැකවරණය ලබාදුන් සහ ඔවුන් ඇසුරු කළ ප්‍රදේශයේ පවුල් 5ක පුද්ගලයින් 26 දෙනෙකුද නිරෝධායනය කළ බවයි.