චන්දිමාල්ගේ සාදය පැවති හෝටලයේ සූපවේදියෙකුට කොරෝනා

0
Chandimal jayasinhe and Piyumi hansamali - චන්දිමාල්ගේ සාදය පැවති හෝටලයේ සූපවේදියෙකුට කොරෝනා

චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය පැවැත්වූ කොළඹ තරු හෝටලයේ සූපවේදියෙකුට කොරෝනා අසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

එම හෝටලයේ පැවති උපන්දින සාදයට සහභාගී වූ චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි ඇතුළු 15 දෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ වනවිට නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.

මේ අතර එම උපන්දින සාදයට එක්වූ තවත් හය දෙනෙකු කොළඹ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ අතර ප්‍රවීණ චිත්‍රපට නළු ජැක්සන් ඇන්තනීගේ දියණියද සිටින බවයි වාර්තා වන්නේ.

මේ වනවිට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සමස්ථ සංඛ්‍යාව 21ක්.

කෙසේ වෙතත් තවත් එක් පුද්ගලයෙකු මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ සඳහා මේ වනවිටත් අදාළ හෝටලයේ CCTV දර්ශන පරීක්ෂා කරමින් පවතින අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

(hirunews.lk වෙබ් අඩවිය ඇසුරිනි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here