සංචරණ සීමා අතරේ වාහනවල යන සැමට PCR?

0
PCR in Travel trestriction - සංචරණ සීමා අතරේ වාහනවල යන සැමට PCR?

රථ වාහනවලින් ගමන් කරන අතරේදී පුද්ගලයන් කොරෝනා පරීක්ෂණවලට ලක් කිරීමේ  වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාත්මක කරන්නැයි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා රජයට යෝජනා කරනවා.

එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමෙන් අනවශ්‍ය සංචරණ බොහෝ දුරට පාලනය වන අතරම ආසාදිතයන් හඳුනාගැනීමටද ඉන් ඉඩ ප්‍රස්ථාව සැලසෙන බව ඔහුගේ අදහසයි.

සංචරණ සීමා ක්‍රියාත්මකවන කාලසීමාවේදී සමහරුන් අනවශ්‍ය ලෙස ගමන් බිමන්වල යෙදුණු බව කී මහාචාර්යවරයා එය ඉතා වැරදි ක්‍රියාවක් බවද පුවත්පතකට සඳහන් කර තිබෙනවා.

සංචරණය සීමා වන කාල සීමාවේදී කොරෝනා පරීක්ෂණ අඩු කිරීම හොඳ නැතැයිද මෙවැනි කාලයකදී එවැනි පරීක්ෂණ සිදු කිරීම ඉතා පහසු යැයි ද ඔහු පවසනවා.

රෝගීන් වැඩි ප්‍රමාණයක් රෝග ලක්ෂණ තවමත් නොපෙන්වන බවත් රට වසා ඇති කාලසීමාවේදී ඉන් උපරිම ප්‍රයෝජන ගැනීමට නම් කොරෝනා පරීක්ෂණ වැඩිකළ යුතු බවත් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පෙන්වා