ඩුබායි ලොතරැයියෙන් කෝටි 80 පළමු ත්‍යාගය ශ්‍රී ලාංකිකයෙකුට හිමිවෙයි (VIDEO)

0
Big ticket - ඩුබායි ලොතරැයියෙන් කෝටි 80 පළමු ත්‍යාගය ශ්‍රී ලාංකිකයෙකුට හිමිවෙයි (VIDEO)

ඩුබායි හි සේවය කරනු ලබන ශ්‍රී ලාංකිකයෙකුට මෙවර “බිග් ටිකට් ලොතරැයි තරගයෙන්” ඩිරාම් මිලියන 15ක ප්‍රථම ත්‍යාගය දිනා ගැනීමට අද සමත්ව තිබෙනවා. මෙම ත්‍යාගය දිනා ගනු ලැබූ ශ්‍රී ලාංකිකයා Rasika Jds ලෙස හඳුනා ගෙන ඇති බවයි අබුඩාබි මාධ්‍ය වාර්තා කර සිටියේ.

මෙම ජයග්‍රාහි ටිකට් පත තෝරා දෙනු ලැබුවේ ඉකුත් මාසයේ පැවති බිග් ටිකට් ලොතරැයි දිනුම් වාරයේදී ඩිරාම් මිලියන 12ක ත්‍යාග මුදල දිනා ගනු ලැබූ තවත් ශ්‍රී ලාංකිකයෙකු වන මොහොමඩ් මිශ්ෆික් වීමද විශේෂත්වයක්.

( 51 වන මිනිත්තුවේ සිට නරඹන්න)

(newswire.lk වෙබ් අඩවිය ඇසුරිනි)