ජනතා මුදලින් උදේ කෑම කෑ ෆින්ලන්ත අගමැතිනිය මුදල් ආපසු දෙයි

0
ජනතා මුදලින් උදේ කෑම

වසර එක හමාරකට පෙර අග්‍රාමාත්‍ය ධුරව බාරගෙන අග්‍රාමාත්‍ය නිල නිවසේ පදිංචියට ආ දිනයේ පටන්, ජනතා මුදලින් උදේ කෑම වෙනුවෙන් වැය කළ සියලුම මුදල් රජයට ලබාදෙන බව ෆින්ලන්ත අග්‍රාමාත්‍ය සන්නා මරීන් ප්‍රකාශ කර තිබෙනවා.

අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ ඇයි පවුලේ සාමාජිකයින් සමඟ ජනතා බදු මුදලින් මාසයක කාලයක් උදෑසන ආහාර ලබා ගත්තා යැයි එල්ලවන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින්.

මෙම උදෑසන ආහාර වේල පිළිබඳව එරට ‘එල්ටෝලැටී’ නැමති ටැබ්ලොයිඩ් සඟරාවක් මඟින් රටට අනාවරණය කර තිබුණා.

මේ අතර “මා වරදක් නොකළ බව තහවුරු වී අග්‍රාමාත්‍යවරයාට අහාර දීමනාවක් ලැබිය යුතු බව තහවුරු වුවත්, මින් ඉදිරියට මා එම ආහාර දීමනාව ලබා ගන්නේ නැහැ” යැයි ද අගමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.