කොටගල එකම පවුලේ 11 දෙනෙකුට කොරෝනා

0
covid 19 new cases - පිට පිට දෙවැනි දිනටත් ආසාදිතයින් 3,000 ඉක්මවයි

කොටගල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් එම පවුලේ 11 දෙනකු ඇතුළු කොවිඩ් 19 ආසාදිතයන් 28 දෙනකු අද(03) ලැබුන පි. සි. ආර්. වාර්තා මත සොයා ගැනිමට හැකිවු බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කියයි.

මෙම ආසාදිතයන් 28 දෙනා,  කොටගල නගරය ආසාදිතයන් 05ක්,හැරින්ටන් වතුයාය ආසාදිතයන් 04ක්, ෆොරස්ට් කුවික් වතුයාය ආසාදිතයන් 11ක්, මවුන්ට් වර්නන් වතුයායෙන් ආසාදිතයන් 06ක් ස්ටෝනි ක්ල්ප් වතුයායෙන් ආසාදිතයන් 02ක් වශයෙන් හමුව ඇති සෞඛ්‍ය නිලධාරි කාර්යාලය කියයි.

මෙම ආසාදිතයන් අතරින් ‍ෆෝරට් කුවික් වතුයායෙන් හමුවු ආසාදිතයන් 11 දෙනාම එකම පවුලේ අය බවත් කොටගල නගරයේ හමුවු ආසාදිතයන් 05 දෙනාද එම පවුලේ අය බවත් එම පවුලේ අවුරුදු දෙකක පමණ ගැහැනු දරුවකුද සිටින අනාවරනය වී ඇතැයි කාර්යාලය කියයි.

මෙම ආසාදිතයන් සියලුම දෙනා මෙයට පෙර මෙම ප්‍රදේශවලින් හමුවු ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ලෙස හදුනා ගෙන පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කල අය බවත් මෙසේ අලුතින් හමුවු ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා එම පිරිස්ද පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද  සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කියයි.

(lankadeepa.lk වෙබ් අඩවිය ඇසුරිනි)