කොවිඩ් සුව වී නිවසට පැමිණි දෙදෙකු නැවත කොවිඩ් ආසාදිතව නිවසේදීම මියයයි

0
covid 19 deaths - කොවිඩ් සුව වී නිවසට පැමිණි දෙදෙකු නැවත කොවිඩ් ආසාදිතව නිවසේදීම මියයයි

කොරෝනා වෛරසය ආසාදනය වී නිවෙස් වලට ගොස් සිටි සිව් දරු මවකට හා එක්දරු එක් දරු පියෙකුට නැවත කොරෝනා වෛරසය ආසාදනය වී මිය ගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය විය.

මියගොස් ඇත්තේ හික්කඩුව වවුලගොඩ පදිංචිය 73 හැවිරිදි වියේ පසුවන සිව් දරු මවක් හා බූස්ස ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි වියේ පසුවන එක් දරු පියෙකි.

සිවුදරු මව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා රෝගීන් සඳහා වෙන්කර ඇති වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිට මැයි 20 වෙනිදා සුව වී නිවසට ගොස් ඇත.

ඇගේ පවුලේ සාමාජිකයින් ද නිරෝධායනට ලක්කොට ඇත.

මෙකී මව නිවසේ සිටියදී හුස්ම ගැනීමට අපහසු වී ඇති අතර නිවැසියන් විසින් 1990 හදිසි ගිලන් රථ සේවයට දැනුම් දී ඇත.

ගිලන් රථය පැමිණෙන විට එම මව නිවස තුළ දී මිය ගොස් ඇති බව අනාවරණය වී ඇත.

බූස්ස ප්‍රදේශයේ පදිංචි එක්දරු පියා කොරෝනා වෛරසය ආසාදනය වී වළහන්දුව කොරෝනා වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලබාගෙන ඇත.

ඔහු 28 වැනි දින එම වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට සුවය ලබා නිවසට ගොස් ඇති අතර දින තුනකට පමණ පසු හුස්ම ගැනීමට අපහසු වීමෙන් නිවස තුළ දී මිය ගොස් ඇත.