සංචරණ සීමා කාලයේ අනවශ්‍ය ගැබ් ගැනීම් වලක්වා ගන්න – පවුල් සෞඛ්‍ය කාර්යාංශය

0
Pregnant - සංචරණ සීමා කාලයේ අනවශ්‍ය ගැබ් ගැනීම් වලක්වා ගන්න - පවුල් සෞඛ්‍ය කාර්යාංශය

සංචාරණ සීමා පනවා ඇති මෙම අවස්ථාවේදී අනවශ්‍ය ගැබ් ගැනීම් වලක්වා ගන්නා ලෙසට ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

එහි අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කරන්නේ මීට අදාළ වැඩිදුර තොරතුරු ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාංශයෙන් සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගෙන් ලබාගත හැකි බවයි.

Covid-19 තත්ත්වය ආරම්භක අවස්ථාවේ සිට මේ වන තෙක් අදාළ සේවාවන් අඛණ්ඩව සැපයීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළ බව විශේෂඥ වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.