කොවිඩ් ආසාදිත මරණ 39ක් වාර්තා වෙයි

0
covid 19 deaths in sri lanka yesterday - කොවිඩ් ආසාදිත මරණ 39ක් වාර්තා වෙයි

මෙරටින් තවත් කොවිඩ් ආසාදිත මරණ 39ක් වාර්තා වී තිබෙනවා.

ඒ ඊයේ දිනයේ තවත් කොවිඩ් මරණ 39ක් තහවුරු වීමත් සමගයි.

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තාවී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 1566ක්.

ඊයේ (02) දිනයේ කිසිදු මරණයක් වාර්තාවී නොමැති අතර ඊයේ ප්‍රකාශයට පත් කළ මෙම මරණ 39 සිදුවී ඇත්තේ පසුගිය මැයි මස 17 වනදා සිට ඊයේ (01) දිනය දක්වායි.

මෙම මියගිය පිරිස අතර කාන්තාවන් 19 ක් මෙන්ම පිරිමි පුද්ගලයන් 20 දෙනෙකු වනවා.

ඒ අතරින් එක් අයෙකු නිවසේදී මියගොස් ඇති අතර තවත් 4 දෙනෙකු රෝහල් ගතකරන අවස්ථාව වන  විට මියගොස් තිබෙනවා. ඉතිරි 34 දෙනා මියගොස් ඇත්තේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතරදීයි.

ඊයේ දිනයේ මෙරටින් දෛනික ආසාදිතයින් 3,306 දෙනෙකු හඳුනාගැනුණු අතර එම ආසාදිතයින් දිස්ත්‍රික්ක 25 න්ම වාර්තා විය.

ඊයේ ආසාදිතයින් හමුවූ ප්‍රදේශ

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්ව වාර්තාව මෙතනින් බලන්න