මව්කුස තුළ මියගිය බිළිඳියට කොවිඩ්

0
covid 19 - මව්කුස තුළ මියගිය බිළිඳියට කොවිඩ්

ගාල්ලේ මවකගේ කුස තුළ මියගිය මාස 9ක් වියැති බිළිදාගේ සිරුර ගෙන සිදු කළ හදිසි මරණ පරීක්ෂණයේදී එම බිළිදාටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

මෙම මවට මුලින් කොරෝනා වයිරසය ආසාදනය වී පසුව සුවය ලබා නිවෙසට ගොස් ඇති බව පැවසේ.

පසුව ප්‍රසූතිය සදහා ගාල්ල මහමෝදර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බිළිදා කුස තුළ මිය ගොස් ඇති බව තහවුරු වී ඇත.

පසුව මියගිය බිළිදාට සිදු කළ පීසීආර් පරීක්ෂණයේදී එම මියගිය බිළිදාටද කොරෝනා වයිරසය ආසාදනය වී තිබී ඇති බව අනාවරණ වී තිබේ.

මේ වනවිට එම පවුලේ අනෙකුත් දරුවන් සහ සැමියා නිරෝධායනයට යොමු කොට ඇති බව දැනගන්නට ඇත.