හොරෙන් හැදූ ප්‍රාඩෝ රථයකින් වසර පහක් ගමන් ගිය මන්ත්‍රී

0
Prado - හොරෙන් හැදූ ප්‍රාඩෝ රථයකින් වසර පහක් ගමන් ගිය මන්ත්‍රී

කඩුවෙල නාගරික මන්ත්‍රීවරයෙකු නීතිවිරෝධී ලෙස එකලස් කර කරන ලද ප්‍රාඩෝ වර්ගයේ ජිප් රථයක් භාවිත කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සොයාගත් අදාළ ජීප් රථය මෝටර් රථ ප්‍රවහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

වසර පහක පමණ කාලයක් සැකකරු වාහනය භාවිත කර ඇති අතර ඔහුව අද (02) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.