ගිනි ගත් නැවේ පසුපස කොටස ගිලා බැසීමට ලක්වේ – (Video)

0
xpress pearl - ගිනි ගත් නැවේ පසුපස කොටස ගිලා බැසීමට ලක්වේ – (Video)

කොළඹ වරාය ආසන්නයේ ගිනි ගැනීමට ලක්වූ නැව ගැඹුරු මුහුදට ගෙන යමින් සිටින බව නාවික හමුදාව පවසනවා.

මේ අතර නැවේ පසුපස කොටස ගිලා බසිමින් ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේ.

“එක්ස් – ප්‍රෙස් පර්ල්” නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාමට අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවති විශේෂ හමුවේදී තීරණය කෙරුණා.

ආපදාවට ලක්වූ නෞකාව මුහුදුබත්වීමේ අවදානමක් පවතින බව නාවුක සහ පරිසර ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක නියෝජිතයෝ පෙන්වා දීමත් එසේ වුවහොත් සමුද්‍රීය පරිසරයට සිදු විය හැකි හානිය අවම කරගැනීමට නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාම සුදුසුම පියවර බවට ඔවුන්ගේ යෝජනා මත මෙම තීරණය ගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

දර්ශන පහතින්.