ඉතාලියේදී බිරිඳ ඝාතනය කළ ලාංකික සැමියාද බන්ධනාගාරය තුළදී ගෙල වැලලාගෙන මියයයි

0
Suicide - ඉතාලියේදී බිරිඳ ඝාතනය කළ සැමියාද බන්ධනාගාරය තුළදී ගෙල වැලලාගෙන මියයයි

ඉතාලියේ රෝම නගරයේ දී පවුල් ආරවුලක් දුරදිග ගොස් තියුණු ආයුධයකින් පහරදී තම බිරිඳව ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ලාංකිකයා ඊයේ (01) බන්ධනාගාරය තුළදී සිය දිවි හානි කරගෙන මියගොස් සිටියදී සොයාගෙන තිබෙන බව රෝම පොලිසිය පැවසීය.

මෙලෙස සියදිවි හානි කරගෙන මියගොස් ඇත්තේ රද්දොළුව ප්‍රදේශයේ පදිංචි, කාලෙක සිට ඉතාලියේ රෝම නගරයේ සේවය කරමින් ජීවත් වූ 49 හැවිරිදි අයෙකි.

සැකකාර ශ්‍රී ලාංකිකයාව ෆ්‍රොසිනෝනේ බන්ධනාගාරය තුළ හුදෙකලා කාමරයක රඳවා තිබි ඇති අතර නිදාගන්න ලබාදී තිබු ඇඳ ඇතිරිල්ල ගෙලට දමාගෙන සියදිවි හානි කරගෙන තිබෙන බවට මූලික පරීක්ෂණවලදී තොරතුරු හෙළි වූ බව රෝම පොලිසිය පැවසීය.

මෙම පුද්ගලය අතින් ඝාතනයට ලක්ව තිබුනේ අවුරුදු 40 ක් වයසැති ඔහුගේ බිරිඳයි.