සුපිරි වෙළෙඳසැල් ජාලයක කොවිඩ් ආසාදිත රියදුරන් හයක් ලොරියක සඟවා තිබියදී සොයා ගැනේ

0
Covid 19 paitents in ambathale - සුපිරි වෙළෙඳසැල් ජාලයක කොවිඩ් ආසාදිත රියදුරන් හයක් ලොරියක සඟවා තබයි

කොවිඩ් 19 ආසාදිත පුද්ගලයින් 6 දෙනෙක් ගොතටුව ප්‍රදේශයේ රහසිගතව ලොරි රථයක සඟවා සිටියදී ඊයේ ( 31) දින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සොයා ගෙන තිබෙනවා.

එම පුද්ගලයින් 6 දෙනා අංගොඩ අඹතලේ සුපිරි වෙළඳසැල් ජාලයක රියදුරන් ලෙස සේවය කළ පුද්ගලයන් බව අනාවරණය වී තිබෙනවා.

මෙම පුද්ගලයින් කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වීමත් සමග එලෙස ලොරි රථයක සඟවා එම ආයතනයෙන් පිටත රඳවා තිබුණා.

ඒ අනුව මෙම ආසාදිතයින් රෝහල් ගත කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා.

(ස්වර්ණවාහිනී වෙබ් අඩවිය ඇසුරිනි)