චන්දිමාල්ගේ උපන්දින සාදයට පැමිණි තවත් 6ක් අත්අඩංගුවට

0
Chandimal jayasinhe and Piyumi hansamali - චන්දිමාල්ගේ උපන්දින සාදයට පැමිණි තවත් 12ක් අත්අඩංගුවට

කොළඹ තරු 5හේ හෝටලයක පැවති රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ගේ උපන්දින සාදයට සම්බන්ධවූ පුද්ගලයින් 6 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ අතර එම උපන්දින සාදය සංවිධානය කිරීම සම්බන්ධයෙන් රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ව සහ මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි ව ඊයේ (31) පොලිස් අත්අඩංගුවට පත්වුවා.

පසුව ඔවුන් දෙදෙනා කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහරිනු ලැබුවා. ඒ අතිරේක මහේස්ත්‍රාත් සී.එච්.යූ ලියනගේ මහතා ඉදිරියේ ඊට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදීය.

රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගලික ඇපමත ඔවුන් මුදාහැර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.