දරුවන් අතරේ පැතිර යන උණ රෝගය ගැන අවධානයෙන් පසුවන්න

0
Fever - දරුවන් අතරේ පැතිර යන උණ රෝගය ගැන අවධානයෙන් පසුවන්න

දරුවන් අතරේ පැතිර යන බහු පද්ධති ප‍්‍රදාහක රෝගකතාවය නමැති උණ රෝගය ගැන අවධානයෙන් පසුවන්නැයි බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා.

මෙම රෝගය අවුරුදු 5 ත් 16 ත් අතර වයසේ පසුවන දරුවන් අතරේ වැඩි වශයෙන් පවතින බවයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

‘‘දරුවෙකුට ඇස් රතුවීම, දිව රතුවීම, සම රතුවීම, හන්දි කැක්කුම, හන්දි ඉදිමීම එහෙමත් නැත්නම් සමේ රෑෂ් එකක් ඇවිත් තියෙනවා නම් ඒ මේ රෝගයේ ලක්‍ෂණ. දින 14කට වඩා උණ තියෙනවා නම් අනිවාර්යයෙන්ම ළමා රෝහලට ඇතුළත් වෙන්න. මේ රෝගය කොරෝනා රෝගයේ අතුරුඵලයක් ලෙස සෑදෙන රෝගයක් විදිහට හඳන්වාදෙන්න පුළුවන්

මේ රෝගය වැළඳීමෙන් දරුවකුගේ පෙනහලූවලට, හෘදය වස්තුවට, මොළයට, අක්මාවට දැඩි බලපෑමක් වෙන්න පුළුවන්. මේ රෝග ලක්‍ෂණ හදුනාගත්තොත් දැඩි සත්කාර ඒකකයට දරුවා ඇතුළත් කළොත් හොඳයි. ඉන්දියාවේ දරුවන් අතරෙත් මේ රෝගය පැතිර යමින් තිබෙනවා” විශේෂඥ දීපාල් පෙරේරා සඳහන් කර සිටියේ.